දකුණු අප්‍රිකාවේ මධ්‍යම ජොහැනස්බර්ග්හි පස්මහල් ගොඩනැඟිල්ලක ඇති වු ගින්නකින් 60කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ගින්න ඇතිවීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වි නොමැත.
විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව ගිනිනිවන භටයන් පැමිණ පදිංචිකරුවන් ඉවත් කොට මළ සිරුරු සෙවිම සිදුකරන බවය.
මෙම ගොඩනැඟිල්ල දකුණු අප්‍රිකාවේ පිහිටි අවිධිමත් ජනාවාසයක් වන අතර ගොඩනැගිල්ලේ සිටි පිරිස අතරින් බහුතරයක් අප්‍රිකානු සංක්‍රමණිකයන් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
(මුලාශ්‍රය – බීබීසි)