පුවත්

දකුණු අයිස්ලන්තයේ හදිස්සි තත්ත්වයක්

Published

on

දකුණු අයිස්ලන්තයේ රේක්යානස් අර්ධද්වීපයේ ගිනි කන්දක් සක්‍රීය වීම හේතුවෙන්  හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වන විට අධික ලෙස එම ගිනි කන්දෙන් ලාවා විධාරනය වන බවද එම වාර්තාවල දැක්වේ.

ඒ අසල පිහිටා ඇති ග්‍රින්ඩාවික් (Grindavik) නගරයෙහි වැසියන් සියලු දෙනා මේ වන විට ඉන් ඉවත් කර ඇති බවද පැවසේ.

අයිස්ලන්තයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනානත්යක් වන නිල් කලපුව ප්‍රදේශයද, මේ වන විට අවධානම් කලාපයක් ලෙස නම් කර ඇතැයි, වාර්තා වේ.

කෙසේවෙතත් ගිනි කන්ද අවට ගුවන් ගමන් සඳහා මේ වන විට බාධා මතුව නැතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Trending

Exit mobile version