එක්සත් ජාතික පක්ෂයේ දඹුල්ල ආසනයේ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිට තිබු පුවරු කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇතැයි වාර්තා වේ.
මෙම කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ, දඹුල්ල මහ නගර සභාවේ හිටපු මංත්‍රිනි මායා පාදෙණිය මහත්මියගේ නිවස තුළය.
මෙසේ හානි කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා දඹුල්ල ආසන සංවිධායකගේ රුව සහිතව ඉදිකර තිබු පුවරුවලට බවද පැවසේ.
මේ පිළිබදව දඹුල්ල පොලිසියට පැමිණිලි කර ඇති අතර සිද්ධිය පිළිබදව දඹුල්ල පොලිසිය පරික්ෂණ පැවැත්වීම ආරම්භ කර තිබේ.