ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කිරීමේ චෝදනා මත පසුගියදා බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේ පාසලක සිසුන් කිහිපදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය, මිල්ලනිය පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැර තිබේ.
සැකකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කොට ඇප මත මුදාහරින බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කර තිබුණි.
මේ අතර, අධිකරණ හමුවේ කරුණු දක්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ, හිංසනයට ලක්වූ ඇතැම් දරුවන්ව අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ මව්පියන් මැලිකමක් දක්වන බවයි.
අදාළ නඩුව යළිත් ජනවාරි 18දා කැඳවීමට නියම කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාල පාසලේ ගුරුවරියක සහ මිල්ලනිය පොලිසියේ රියදුරා මීට පෙර ඇපමත මුදාහැර තිබුණි.
සබැඳි පුවත් :
දරුවන්ට වධ දුන් විදුහල්පතිනිය හා පොලිසියේ දෙදෙනෙකු රිමාන්ඩ්
මිල්ලනිය පාසලේ සිසුන්ට පහරදීම ගැන පරීක්ෂණයක්