පුවත්

දළුවේ සංවර්ධන වැඩකට පැමිණි ඇමති සනත් නිශාන්තව ජනතාව පන්නා දමයි

Published

on

පුත්තලම දළුව ගම්මානයේ මාර්ග සංවර්ධන වැඩසටහනක් සඳහා පැමිණි ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එම ප්‍රදේශයේ ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ආපසු හැරීයාමට සිදුව තිබේ.

මේ සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ (19) සවස 1.00ට පමණය.

තම ගම්මානේ මෙතෙක් කිසිදු සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වී නැති බවත් ගං වතුරෙන් තම වගාවන් පවා විනාශ වෙද්දී ඒ පිලිබඳව කිසිදු දේශපාලනඥයකු පැමිණ සොයා නොබැලූ බව කියමින් විරෝධතාකරුවන් නිශාන්ත මහතාගේ පැමිණීමට විරෝධය දක්වා තිබේ.

කිසිදු දේශපාලනඥයෙකුට ගම්මානයට පැමිණීමට ඉඩ නොතබන බවද ඔහු තරයේ පවසා ඇත.

දළුව නිමල් පුර දේවස්ථානයේ රැස්වීම් ශාලාව ද දේශපාලඥයන්ට තහනම් බව කියමින් ගම්වාසීන් වෙනුවෙන් සංවර්ධන වැඩක් ගමට කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් පමණක් පැමිණීම ප්‍රමාණවත් බව විරෝධතාකරුවෝ පවසා ඇත.

රාජ්‍ය නිලධාරීන්ට කිසිදු ලෙසකින් සංවර්ධන කටයුතු සඳහා පැමිණීමට බාධාවක් නොමැති බව ගම්වාසීහු පවසා ඇත.

නොරොච්චෝල පොලිසියේ රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරු පැදියකින් රාජ්‍ය ඇමැතිවරයට ආරක්ෂාව ලබාදීම සඳහා දළුව හංදිය දක්වා පැමිණ සිටි බවද පැවසේ.

මේ අතර, ඇමතිවරයා තමන් පැමිණි වාහනයෙන් බැස වෙනත් වාහනයක නැගී නැවතත් දළුව වෙත ගමන් කිරීමට සූදානම් වුවත් අදාළ රැස්වීම පැවති ස්ථානයේ සිටි පිරිස් ගම්මානයට කිසිදු ලෙසකින් නොඑන්න ලෙසට දිගින් දිගටම කළ විරෝධය හේතුවෙන් සනත් නිශාන්ත මහතාට ආපසු හැරීයාමට සිදුව තිබේ.

Trending

Exit mobile version