යාපනය පේදුරුතුඩුව කොලොම්බුතුරෙයි මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු දැඩි කොන්දේසි මත නිදහස් කිරීමට පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් පොන්නතුරෙයි ක්‍රිෂාන්තන් මහතා නියෝග කළේය.
අවුරුදු එකහමාරක් අවුරුදු 10 ක් දක්වා අත්හිටවූ සිරදඩුවමකට යටත්ව අදාල ධීවරයින් නිදහස් කිරීමට මහෙස්ත්‍රාත් වරයා නියෝග කොට සිටියේය.
පසුගිය 12 වනදා ධීවර යාත්‍රාවක් සමගින් ධීවරයින් 12 දෙනෙකු සමගින් උතුරු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන යාපනය ධීවර හා ජලජ සම්පත් නිලධාරීන්ට භාර දීමෙන් පසුව එම නිලධාරීන් විසින් ධීවරයින් පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් බන්ධනාගාරගත කෙරුණි.
එමෙන්ම ඉන්දීය ධීවරයින්ට කිසිදු ලෙසකින් උතුරු මුහුදු සීමාවට ඇතුල් නොවන ලෙසටද දැඩි ලෙස අවවාද කොට මුදා හැරීමටද පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් වරයා නියෝග කරනු ලැබීය.
දැඩි කොන්දේසි මත නිදහස් කරන ලද ධීවරයින් ඉදිරියේදී යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය හරහා නාවික හමුදාවේද සහය ඇතිව ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන්ට භාරදීමට නියමිතව ඇත.
(ලංකාදීප)