පුවත්

දැදුරු ඔයේ වාන් දොරටු හයක් විවෘත කෙරේ

Published

on

පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් හයක් අද (09) අළුයම විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු ගයාන් වීරසූරිය මහතා පවසයි.

විවෘත කර ඇති දොරටු හයෙන් හතරක් අඩි 5 බැගින් සහ දෙකක් අඩි 2 බැගින් විවෘත කර තිබේ.

මේ හේතුවෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 16,600 ක ජල පරිමාවක් මුදා හැරෙන බවත් දැදුරුඔය පහළ ප්‍රදේශ වල පදිංචි ජනතාවට සහ දැදුරුඔය ආශ්‍රිතව කටයුතු කරන පිරිස් වලට සැළකිලිමත් වන ලෙසද ඔහු සදහන් කලේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම තත්වය දැදුරුඔය පහළ ප්‍රදේශ වලට ගංවතුර තත්වයක් නොවන අතර එම ප්‍රදේශවලට ලැබෙන වැසි තත්වය අනුව එය වෙනස් විය හැකි බවය.

දැදුරුඔය ජලාශයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 60,000 කි.

Trending

Exit mobile version