පුවත්

දිනමිණ – සිළුමිණ පත්තරවලට අලුත් කර්තෘවරු

Published

on

රජයට අයත් ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වලට නව කර්තෘවරුන් පත්කර ඇති බවට වාර්තා වේ.

දිනමිණ පුවත්පතේ කර්තෘ ලෙස සේවය කළ මනෝජ් අබයදීර සහ සිළුමිණ පුවත්පතේ වැඩබලන කර්තෘ ලෙස කටයුතු කළ ශිරෝමි අබේසිංහ එම ධුරවලින් ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව මෙම නව පත්කිරීම් සිදුකර ඇති බවයි පැවසේ.

ඒ අනුව දිනමිණ පුවත්පතේ කර්තෘවරයා ලෙස ප්‍රවීණ ජනමාධ්‍යවේදියකු වන, ලංකාදීප පුවත්පතේ උප කර්තෘ ප්‍රදීප් දසනායක මහතා පත්කර තිබේ.

දිනමිණ පුවත්පතේ සේවය කළ අනුර කේ. එදිරිසුරිය මහතා සිළුමිණ පුවත්පතේ කර්තෘ ලෙස පත්කර ඇතැයි වාර්තා වේ.

Trending

Exit mobile version