පුවත්

දිස්ත්‍රික්ක 4ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

Published

on

පළාත් පාලන මැතිවරණයේ හම්බන්තොට,පොළොන්නරුව වව්නියාව,මොණරාගල යන දිස්ත්‍රික්ක 4 ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට අවසන් කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පවසයි.

රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා  දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාට  භාරදුන් බවය.

දිස්ත්‍රික්ක 9ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට අවසන් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Trending

Exit mobile version