පුවත්

සේවකයින්ගේ හූ  හඬින්  පන්නා දැමූ රූපවාහිනී සංස්ථා ලොක්කෝ (වීඩියෝ)

Published

on

ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් මනෝජ් නදීෂන අමරසිංහ මහත සහ එහි පරිපාලන අංශය භාරව සිටි තනූජා ආරියරත්න මහත්මිය යන අයව ජාතික රූපවාහිනියේ සේවකයින් විසින් හූ හඬින් පන්නා දැමීමේ පුවතක් වාර්තා වේ.

රූපවාහිනියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අදාළ නිලධාරිනිය දිගින් දිගටම ආයතනයේ සේවකයින් සමඟ ඇතිකරගන්නා ලද ගැටුම් රැසක ප්‍රතිපල ලෙස මෙම සිදුවීම සිදුවී බවය.

මීට පෙර සිටි සභාපතිවරයා වූ සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතාගේ  කාලයේ පත්කරන ලද මෙම පරිපාලන අංශය භාර නිලධාරිනිය සේවයන් හට නිතර බැණ වැදීම හා ඔවුන්ව පහත් කොට සැලකීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් රූපවාහිනියේ සේවකයින් ඇය සමග වරින් වර බහින්බස්වී ඇති බව වාර්තා වේ.

නමුත් රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිරන්තරයෙන් ඇයව ආරක්ෂා කරගනිමින් කටයුතු කර ඇති නිසා සේවකයින් ඔහු සමගද උරණ වී ඇති බවයි වාර්තා වේ.

මෙම තත්ත්වය පිළිබදව ජාතික රූපවාහිනියේ සභාපතිවරයා සමඟද සාකච්ඡාවක් ඉල්ලා ඇති තත්ත්වයක් තුළ අද තවත් බහින්බස්වීමක් සිදුව ඇති අතර එහිදී සේවකයින් එක්වී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාව සහ පරිපාලන අංශය භාරව සිටි නිලධාරිනියව එළවා දමා තිබේ.

වීඩියෝ – SL Leaders

Trending

Exit mobile version