දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අදත් විශේෂ බස් සේවය ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසුවේ, අද පෙරවරුවේ හැටන් දක්වා අතිරේක බස් රථ 8 ක් යෙදවූ බවය.
ගම්බිම් බලා ගිය පිරිස් සඳහා යළි කොළඹට පැමිණීමට හෙට (14) සිට බස් ධාවනය කෙරෙන බවද සභාපතිවරයා සඳහන් කළේ ය.