ඊයේ (01) දින ගාල්ල, මහාරඹ දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ දුම්රිය – ත්‍රිරෝද රථ අනතුරෙන් රුසියානු ජාතික කාන්තාවක් මියයාමත් සමග තනිවූ අවුරුදු හතරක් වයසැති දරුවකු ඊයේ රාත්‍රිය වනතුරු පෙර පාසලේ රඳවා තැබූ බව පොලිසිය පවසන බව අරුණ පුවත්පත වාර්තා කරයි.
රුසියානු ජාතික කාන්තාව සමග මෙම දරුවා උණවුටුන ප්‍රදේශයේ ‘විලා’ එකක වාසය කර ඇති බවත්, මොවුන්ගේ කිසිදු ඥාතියකු මෙරට නොමැති අතර තානාපති කාර්යාල හරහා ඥාතීන් සොයාගන්නා තුරු දරුවා පෙර පාසලේම රඳවා තබා ගැනීමට නියමිත බවත් එහි දැක්වේ.
එම පෙර පාසලද රුසියානු කාන්තාව විසින් පවත්වාගෙන යන්නක් බව ද පැවසේ.
(මූලාශ්‍රය : අරුණ)
සබැඳි පුවත් :
ත්‍රීරෝද – දුම්රිය අනතුරෙන් විදේශිකයෙකු ඇතුළු දෙදෙනෙකු මරුට (ඡායා)