දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4:30 සිට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුම්දෙයි.
ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙන්, අද පස්වරුවේ රැස්වූ එම සංගමයේ විධායක සභාව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට මෙලෙස තීරණය කර තිබේ.