භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන්, වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක මහතා සඳහන් කළේ ඊයේ (10) පස්වරුවේ දුමින්ද සිල්වාමහතා මෙලෙස සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරුකල බවය.
වෛද්‍ය නිර්දේශ අනුව ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටි බවත් තවදුරටත් ඔහුව බන්ධනාගාර රෝහලේ රැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් විසින් නිර්දේශ කිරීම හේතුවෙන් දුමින්ද සිල්වා මහතාව මෙලෙස සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට පියවර ගත්බව දිසානායක මහතා විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.