Connect with us

පුවත්

දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට

Published

on

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද්දේ අධිකරණ නියෝගයකට අනුව, වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම සඳහා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමීණි බී. දිසානායක මහතා සඳහන් කළේය.

රන් ආලේපිත T56 වර්ගයේ ගිනිඅවියක් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණු අතර ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව මැගසින් බන්ධනාගාරයට රැගෙන ගිය ඔහුව මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

සබැඳි පුවත්

පුවත්

පොලිස් ස්ථානාධිපතිවරු කිහිපදෙනෙකුගේ තැන් මාරුවෙයි

Published

on

By

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කිරීම් සිදුකර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පිරිදි මෙම ස්ථානාධිපතිවරු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර ඇත.

එම ලැයිස්තුව පහතින්,

Continue Reading

පුවත්

කෙහෙළියගේ දුව අල්ලස් කොමිසමට

Published

on

By

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අද(29) අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙන බව සඳහන්ය.

මේ වනවිට ඇය ඉන් පිටව ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

Continue Reading

පුවත්

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වෙති

Published

on

By

ශ්‍රී ලංකාවේ ප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේනමක් වූ පුජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අද(29) දහවල් අපවත් වූහ.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

කලක සිට රෝගී තත්වයෙන් පසු වූ උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියහ.

දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානය නිර්මාණය කල උන්වහන්සේ මෙරට තරුණ ප්‍රජාව ආගමානුකුල මාර්ගයට යොමුකිරිම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීය.

රූපවාහිනී නාලිකාවල සේම, ගුවන්විදුලියේ ද ජනප්‍රිය සහ දක්ෂ ධර්ම කථිකයෙකු වූ උන්වහන්සේ ඇසුරෙහි හැදී වැඩුණු භික්ෂු පරපුර ද අතිමහත්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved