පුවත්

දුමින්ද නැවතත් බන්ධනාගාර රෝහලට

Published

on

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මරණීය දණ්ඩනය නියමව සිටින දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර තිබේ.

දුමින්ද සිල්වා එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා දිය යුතුද යන්න සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පසුගියදා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමක් කරන ලදී.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ වෛද්‍යවරුන් 18කින් යුත් වෛද්‍ය කණ්ඩායමක් පත් කරනු ලැබීය

එම වෛද්‍ය කණ්ඩායමේ නිර්දේශ අනුව දුමින්ද සිල්වාට වැලිකඩ බන්ධනාගාර රෝහල තුල හෝ වෙනත් රෝහලක නේවාසිකව ප්‍රථිකාර ලබා දීම අවශ්‍ය නොවන බවත්, හදිසි සංකූලතාවයක් ඇති වුවහොත් පමණක් නොපමාව ප්‍රතිකාර ලබා දෙන ලෙසත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණි.

ඒ අනුව, ඔහු පසුගිය 10 වනදා බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට පියවර ගනු ලැබීය.

කෙසේවෙතත් එම වාට්ටුවේ රදවා සිටින අවස්ථාවේ දී හදිසියේ ඇති වු සංකූලතාවයක් අනුව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත පසුගිය 11 වනදා අලුයම 02ට පමණ ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කිරීම සිදුවිය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී.බී. දිසානායක මහතා සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඊයේ (12)  දිනයේ දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කළ බවය.

Trending

Exit mobile version