පුවත්

දෙමළ පක්ෂවල සාම කතා බිඳවැටිලා!

Published

on

දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) ප්‍රමුඛ පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) සමග පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා එහි සාම්ප්‍රදායික පක්ෂ හැර අනෙකුත් දෙමළ පක්ෂවලට ඉඩ ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් උතුරේ දෙමළ පක්ෂ ගණනාවක් දේශපාලන සන්ධානයක් සඳහා දෙමළ ජාතික සන්ධානයට එක්වීමට යෝජනා ඉදිරිපත් කොට ඇත.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයකු සදහන් කර සිටියේ තම පක්ෂය සමඟ විධිමත් ලෙස සිටි දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සමඟ දිගටම යන බවත්, ආනකුත් පක්ෂවල ‌ඊට එක්කරගැනීම ප්‍රතික්ෂේප කොට ඇති බවත්ය. කෙසේ වෙතත්, ITAK-TELO සහ PLOTE යන පක්ෂ සන්ධානය දිගටම පවතිනු ඇතැයිද දැනගන්නට ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊපීආර්එල්එෆ් (ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ), පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ තමිල් මක්කල් පක්ෂය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.ශ්‍රීකාන්ත ප්‍රමුඛ දෙමළ ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමඟ එක්වීමට උත්සාහ කර තිබිණ.

(මව්රට)

Trending

Exit mobile version