Connect with us

පුවත්

දෙහිවල අයෙක් ගහල මැරුවයි චෝදනා ඒල්ලවූ 14 රිමාන්ඩ්!

Published

on

දෙහිවල, රෝහල් පාර ප්‍රදේශයේදී  පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 14 දෙනා ලබන 23 වැනිදා දක්වා  රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිල්ෂාන් රංග කුමාර නැමති  27 හැවිරිදි පුද්ගලයෙකි.

දෙහිවල ප්‍රදේශයේ වායු වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු පැනයෑමට උත්සාහ කිරීමේදී පහර දී මෙල්ල කර රඳවා තබා ගත් බව පවසා සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනා පොලීසිය වෙත ඉදිරිපත් කර තිබූ බව පොලිස් නිලධාරීහු පැවසූහ.

සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනාව ලොරි රථයකින් පොලීසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටි එම පුද්ගලයන් දෙදෙනා රෝහල්ගත කිරීමට පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයට ඇතුළු වී යැයි සැක සිතා එම ස්ථානයට රැගෙන ගොස් පහර දී රඳවා තබාගෙන ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඔහු ලවා ඇමතුමක් ලබාදී  එම ස්ථානයට ගෙන්වාගෙන ඔහුට ද පහරදී රඳවා තබා ගෙන තිබූ බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත. 

අනතුරුව සැකකරුවන්ට පහර දී අපරාධය සිදු වූ ස්ථානය සෝදා පවිත්‍ර කර ඇතැයි ද පොලීසිය පවසයි.

කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර සිටින අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක අයෙකි.

එම අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර, මහෙස්ත්‍රාත්  පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 14දෙනා අවුරුදු 19ත් 99ත් අතර කින්නියා, නිලාවේලි, අවිස්සාවේල්ල, කළුතර, බණ්ඩාරගම, ගාල්ල, බේරුවල, කන්තලේ, හැටන් සහ රුවන්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved