පුවත්

දේවගැති ජෙරම්ට මහජන විරෝධයක්!

Published

on

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (05) නාවලපිටිය මිපිටිය ප්‍රදේශයට පැමිණීමත් සමග නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

ඒ, ගම්වාසීන්ගෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට දැඩි විරෝධයක් එල්ලවීමත් සමගය.

මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම් සිදු කරන බව පැවසෙන ස්ථානයකට දේවගැති ජෙරම් ප්‍රනාන්දු පැමිණ තිබූ අතර එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබුණි.

තත්ත්වය පාලනය කිරීම සඳහා නාවලපිටිය පොලීසියේ නිලධාරීන් ද පැමිණ තිබුණි.

ගම්වාසීන් චෝදනා කරන්නේ මෙම ස්ථානයේ දරුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකරන බවට පවසමින් ආගමික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවය.

පසුව ගම්වාසීන්ගේ දැඩි විරෝධය මැද දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සමග එම ස්ථානයෙන් පිටවී ගොස් තිබුණි.

Trending

Exit mobile version