පුවත්

දේශබන්දු නැතත් ‘යුක්තිය’ දිගටම කරනවා

Published

on

කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩලීම සදහා ආරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුම කුමන බාධක පැමිණියත් නවත්වන්නේ නැති බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

යුක්තිය මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගන්නා කුඩු ජාවාරම්කරුවන් බේරාගැනීම සදහාත් අත්අඩංගුවට ගැනීම් වළක්වාලීම සදහාත් බොහෝ පිරිස් උත්සාහ කළ බවද අමාත්‍යවරයා මෙහෙදී කියා සිටියේය.

පොලිස්පතිවරයා ධූරයේ නොසිටියත් යුක්තිය වැඩපිළිවළ නොනවත්වන බවද ඔහු සඳහන් කලේය.

වැඩබලන පොලිස්පතිවරයකු මේ වනවිට නිර්දේශ කර ඇත්ද යන්න සම්බන්ධයෙන් අමාත්‍යවරයා පැවැසූවේ, වැඩබලන පොලිස්පතිවරයකු පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බවය.

Trending

Exit mobile version