Connect with us

පුවත්

දේශීය ආදායම් පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් 6ක්

Published

on

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වනවිට පෙත්සම් 6ක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පෙත්සම් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ සෙසු පුරවැසියන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය විසින් මේ මස 21 වනදා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ බවය.

යෝජිත පනත් කෙටුම්පත තුළින් යම් පුද්ගලයකු මාසිකව බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂයක් දක්වා අඩු කර ඇති බවත් මේ තුළින් දැඩි අගතියක් සිදුවන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

සබැඳි පුවත්

දේශීය ආදායම් පනතට එරෙහිව පෙත්සමක්

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved