පුවත්

ධීවරයින්ට හා තේ වගාකරුවන්ට සහනාධාරයක්

Published

on

අද (22) සිට ක්‍රියාත්මකවන පරිදි ධීවරයින්ට ඩීසල් සහ භූමි තෙල් ලබා ගැනිමේදී ලීටරයකට රුපියල් 25 ක විශේෂ සහනයක් ලබා දීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මීට අමතරව තේ වගාකරුවන්ට රුපියල් 4000 ක පොහොර සහනාධාරයක් ලබා දීමටත් තීරණය වී ඇති බව සඳහන්ය.

මේ සියලු සහන අද සිට ක්‍රියාත්මකවන බව වාර්තා වේ.

මේ අතර එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35 ක පුරවැසියන් සඳහා 2024 ඔක්තෝබර් 01 වැනිදා සිට වීසා රහිතව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එය ලබන ඔක්තෝම්බර් 01 වනදා සිට ඉදිරි මාස 06 සඳහා ක්‍රියාත්මක වනු ඇත.

Trending

Exit mobile version