කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් ගිනිගෙන දැවී ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
අද (21) පෙරවරු 7. 30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කරයි.
ගින්න හට ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
අනෙක් ධීවර යාත්‍රාවලට ගින්න පැතිර යාම වැලැක්වීමට ධීවරයින් කටයුතු කරමින් සිටින බවත් ධීවර යාත්‍රා කුඩාවැල්ලේ පදිංචි ජයන්ත ජයවීර නමැති අයට අයත් බවයි පොලිසිය පවසන්නේ.
කෙසේවෙතත් තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.