පුවත්

නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ වැඩමුළුවක්

Published

on

10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු හෙට (17) සිට ආරම්භ කෙරෙයි.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ ඒ් අනුව නවක මන්ත්‍රීවරුන්ට හෙට සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවය.

අදාළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා 19 වනදා සහ 20 වනදා පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලු දෙකක් විවෘත කිරීමට ද පියවර ගෙන ඇත.

මේ අතර තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්බන්ධව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව  දින 03ක වැඩමුළුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

එම වැඩමුළුව එළඹෙන 25, 26 සහ 27 යන දිනවලදී  පැවැත් වෙයි.

ඒ් සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය අද (16) දිනයේ නිකුත්වීමට නියමිතව ඇත.

නව පාර්ලිමේන්තු සැසිය ලබන 21 වනදා උදෑසන 10ට රැස්වීමට නියමිතය.

Trending

Exit mobile version