පුවත්

නවලෝක රෝහල් මහා සභා රැස්වීම අද; ධර්මදාස පවුලට තීරණාත්මකයි

Published

on

නවලෝක හොස්පිට්ල් පීඑල්සී හි මහා සභා රැස්වීම මේවන විට කොළඹ නවලෝක ශ්‍රවනාග‍ාරයේදී පැවැත් වේ.

මේ මහා සභා රැස්වීම එහි වැඩි කොටස් හිමි ධර්මදාස පවුලට තීරණාත්මක බව පැවසේ.

ඒ අදාළ රෝහල මෙරට දේශීය බැංකු පහකින් රුපියල් බිලියන 2.3කට ආසන්න ණය මුදලක් ලබා ගැනීම හේතුවෙන් එය කඩා වැටීමේ අවදානමක පසුවෙමින් තිබෙන නිසාය.

එම ණය අනුව නවලෝක රෝහල සිය ණය වාරිකය ලෙස රුපියල් මිලියන 335ක් මේවන විට මාසිකව ගෙවමින් සිටී.

නවලෝක හොස්පිට්ල් පීඑල්සී හි වාර්ෂික ගිනුම් වාර්තා ලබා නොදීම නිසා පසුගිය කාලයේදී ඒ සඳහා කොටස් වෙළඳ පල විසින් සීමාවන්ද පනවා තිබිණි. 

පසුව මෑතකදී එහි ගිනුම් වාර්තා ලබාදී තිබූ අතර ඒවායෙහිද අඩු පාඩු පැවැති හෙයින් ඒවා සම්පූර්ණ කරන තෙක් මහා සභා රැස්වීම පැවැත්වීම ද අවදානම් තත්ත්වයක පැවැතිනි.

මේවන විට එහි කොටස් හිමියන්ගෙන් පිරිසකට එම ආයතනයේ ලාභාංශ ලැබී නොතිබීම හේතුවෙන් ඔවුන් මෙහි වැඩි කොටස්හිමි ධර්මදාස පවුලට ඒවා විකුණනා මෙහි ණය බර අඩුකරන ලෙස බලපෑම් කරමින් සිටින බවද පැවසේ.

නවලෝක ‌රෝහල හැටන් නැෂනල් බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව, DFCC බැංකුව හා කොමර්ෂල් බැංකුවට මෙසේ ණය වී ඇත.

වැඩි විස්තර පසුවට…

සබැඳි පුවත්
නවලෝක අනතුරේ; හැරී, ඉෂාර, ධම්මික හා අශෝක ගන්න පෙරහැරේ 

Trending

Exit mobile version