පුවත් නව ඉන්දීය මහ කොමසාරිස්, මෙරටට Published 1 year ago on December 20, 2023 By editor Share Tweet ශ්‍රී ලංකාවේ මීළඟ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත්වීමට නියමිත සන්තෝෂ් ජාහ් මහතා අද (දෙසැ. 20) කොළඹට පැමිණ තිබේ. අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු සිය නව ධූරයේ නව වගකීම් භාරගනු ඇතැයි මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි. මීට පෙර ඉන්දීය මහකොමසාරිස් ලෙස කටයුතු කළ ගෝපාල් බාග්ලේ මහතා ගේ ධූර කාලය දෙසැම්බර් 15දා අවසන් වූ අතර, ඔහු ඕස්ට්‍රේලියාවේ මීළඟ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත. Start of a new innings! Amb @santjha arrived in Colombo today and took charge at @IndiainSL. After presentation of credentials, he will assume his new responsibilities as High Commissioner of #India to #SriLanka. pic.twitter.com/5djzQ5HZ9Q— India in Sri Lanka (@IndiainSL) December 20, 2023 Related Topics:FeaturedlkaSriLanka Up Next BMICH හි ඔන්ලයින් කාර් සේල් හිමිකරු කෝටි 41/2ක් අරගෙන පැනල ගිහින් Don't Miss නීතිපති දෙපාර්තමේන්තුවටත් කෝටි තිහක පොල්ලක් Continue Reading You may like ඩෑන් ප්‍රියසාද් මියගොස් නෑ – පොලිසිය (Update) ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි පොලිස් බැකප් ගත්ත ටීචර් ගැන නලින්දගෙන් ප්‍රකාශයක් ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක් (Update) කටුනායක සිදුවීමේ තවත් තොරතුරු (Update) පුවත් ඩෑන් ප්‍රියසාද් මියගොස් නෑ – පොලිසිය (Update) Published 6 hours ago on April 22, 2025 By editor අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී නැති බව පොලිසිය පවසයි. අසාධ්‍ය තත්වයෙන් පසුවන ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත. මීට පෙර පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් දැක්වුණේ ඔහු මියගොස් ඇති බවයි. ————- (පෙර පුවත : 2025/04/22 at 10:40 ) ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයකින් මියයයි අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී ඇත. අද රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුවී තිබුණු අතර, තුවාල ලැබූ ප්‍රියසාද් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි. සිද්ධියෙන් සුළු තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තා වේ. වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි. Continue Reading පුවත් ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි Published 8 hours ago on April 22, 2025 By editor නැසීගිය ජාතික කිරි මණ්ඩලයේ හිටපු කළමනාකරු – එල්.එස්. රොඩ්රිගෝ මහතාගේ ආදරණීය බිරිඳ හා ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ – කැළුම් ශිවන්ත මහතා ගේ ආදරණීය මෑණියන් වූ පුෂ්පා රංජනී ලියනගේ මහත්මිය අද (අප්‍රේල් 22) අභාවප්‍රාප්ත වී තිබේ. දේහය හෙට (23) පෙ.ව. 11.00 – ප.ව. 10.30 දක්වාද අප්‍රේල් 24 පෙරවරුවේද කැළණිමුල්ල පිහිටි සුප්‍රීම් රෙස්ට් මල් ශාලාවේ තැන්පත් කෙරේ. අවසන් කටයුතු අප්‍රේල් 24දා ප.ව. 3.00ට පිලපිටිය සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදුකෙරෙනු ඇත. Continue Reading පුවත් පොලිස් බැකප් ගත්ත ටීචර් ගැන නලින්දගෙන් ප්‍රකාශයක් Published 9 hours ago on April 22, 2025 By editor පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය සඳහා පොලිසියේ පෙර ගමන් රථ කිසිසේත්ම භාවිත නොකළ යුතු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කරමින් පැවැත්වූ උත්සවය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද(22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, එම අවස්ථාවේ වරදක් සිදුව ඇති බවය. විමර්ශන වාර්තාව අනුව මෙය පුද්ගල වරදකින් සිදුවූවක්ද නැතිනම් නීතියේ පවතින අඩුපාඩුවක් හේතුවෙන් සිදුවූ කරුණක්ද යන්න හෙළිවනු ඇති බවට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පෙන්වාදෙයි. තමා දන්නා පරිදි මෙම වැඩසටහන සඳහා පාසල් සිසුන් පැමිණෙන බැවින් පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇති බවත් දරුවන් සිටින ස්ථානයක් සඳහා පොලිස් ආරක්‍ෂාව ලබාදීමට පොලිසිය කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. ඒ අනුව ක්‍රියාවලිය අතරමග වරදක් සිදු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බව අමාත්‍යවරයා පැවසීය. ඒ පිළිබඳව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් : “ජනාධිපතිතුමා යන්නේත් නැහැ එහෙම. මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් මේ කරපු වැඩේ පිළිබඳව මාධ්‍ය සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් යොමු වුණා.මෙතන වරදක් වෙලා තියෙනවා ඒ ගැන පොලිසි විමර්ශන කරගෙනන යනවා. අපේ රටේ පෙරහර වගේ එවැනි අවස්ථාවකට පෙර ගමන් රථ ඉල්ලුවොත් ලබා දෙනවා. නමුත් මේක එහෙම කටයුත්තක් නෙවෙයි. පුද්ගලයන්ගේ ප්‍රතිරූප ප්‍රවර්ධනය සඳහා කිසිසේත්ම පොලිසියේ මෙවැනි රථවාහනන පොලිස් නිලධාරින් භාවිතා නොකළම යුතුයි. කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. නීතියකුත් නැහැ.මම දන්න හැටියට එකවර 8000ක් එනවා කියල නෙවෙයි ඉල්ලලා තිබුනේත්. සෙෂන් හතරකට ළමයි ගෙන්න ගන්නවා කියලා තමයි ඉල්ලලා තිබුණේ. ළමයි එනවා කියලා පොලිස් ආරක්ෂාව තමයි මුලින්ම ඉල්ලලා තිබුනේ. ක්‍රියාවලියේ අතරමග සිද්ධ වෙච්ච වරද පිළිබඳව විමර්ෂන වාර්තාව බලමු. අදාළ ක්‍රියාමාර්ග අපි ගන්නවා. මෙවැනි ආකාරයේ කටයුතු වලට ඉඩ ලබා ගන්නේ කොතනින්ද කියන එක අපි බලමු. පොලීසියෙ තියෙන නීති වලින් රිංගලා යන්නේ කොතනින්ද කියලා බලන්න ඕන” Continue Reading Advertisement Latest Trending Videos පුවත්6 hours ago ඩෑන් ප්‍රියසාද් මියගොස් නෑ – පොලිසිය (Update) පුවත්8 hours ago ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි පුවත්9 hours ago පොලිස් බැකප් ගත්ත ටීචර් ගැන නලින්දගෙන් ප්‍රකාශයක් පුවත්7 months ago වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජනපති රනිල් ඉදිරියෙන් ක්‍රීඩා3 years ago ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂ ධුරයෙන් ටොම් මූඩි ඉවත් වෙයි පුවත්7 months ago සුදත්ත ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න කියයි Videos3 months ago ලංකාවේ ආර්ථික සංවර්ධනයට ලබා දිය හැකි උපරිම සහාය දෙනවා – චීන අගමැති (වීඩියෝ) Videos3 months ago චීන මහජන විරුවන්ට ජනපති අනුරගෙන් පුෂ්පෝපහාර (වීඩියෝ) Videos3 months ago හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකරන්න චීනය හා ගිවිසුමක් (වීඩියෝ) Trending පුවත්1 week ago ලංකාවේ නිෂ්පාදනය කරන බියර් ප්‍රමිතියට නැති බවට පැමිණිල්ලක්! පුවත්1 week ago ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය පුවත්4 days ago ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි පුවත්4 days ago පොලිස් බැකප් ගත්ත ටීචර්ට වැඩ වරදියි විදෙස්7 days ago ට්‍රම්ප්ගෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට තර්ජනයක්