පුවත්

නව පත්කිරීම් 2කට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය හිමිවේ

Published

on

නව තානාපතිවරියක් සහ මහ කොමසාරිස්වරියක් පත්කිරීමට ඊයේ (27)  පාර්ලිමේන්තුවේදී රැස්වූ  උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ  නිර්දේශය ලබා දී තිබේ.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස වයි.කේ.ගුණසේකර මහත්මියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇත.

තවද බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එස්.එස්. දිසානායක මහත්මියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇත.

ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජිකයින් වන අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි, කුමාර ජයකොඩි, නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

Trending

Exit mobile version