පුවත්

නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්?

Published

on

ඉදිරියේදී නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.මෙලෙස රජය විසින් හඳුන්වාදීමට නියමිතව ඇත්තේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් බවත්, එම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ ලෝකයේ රටවල් රැසක් මේ වන විට ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Trending

Exit mobile version