පුවත්

නව සූත්‍රයකට ඉන්ධන බෙදුම්කරුවන් එකඟ වෙයි

Published

on

ඉන්ධන බෙදුම්කරුවන් තමන්ට අදාළ කොමිස් මුදල නව සූත්‍රයකට අනුව ලබාගැනීමට එකඟ වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක  අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

“බෙදුම්කරුවන්ට යම් කොමිස් මුදලක් ලබාදීමට තෙල් සංස්ථාව යම් සූත්‍රයක් නිර්මාණය කළාම, ඒකට එරෙහිව තමා මේ වැඩ වර්ජනය පැන නැගුණේ. බෙදුම්කරුවන් සමඟ අද (04) උදෑසන සාකච්ඡාවක් පැවැත්වූවා. දැන් ඒ සාකච්ඡාව අවසන්. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වා දෙනු ලැබූ සූත්‍රය ක්‍රියාත්මක කරන්න එකඟතාවකට ඇවිත් තියෙනවා. ඒ අනුව ඉදිරියට කටයුතු සිදුවෙනවා. ඒ අතර තෙල් බෙදුම්කරුවන්ට තමන්ගේ කරුණු ඉදිරිපත් කරන්න අවශ්‍ය කාලයක් තියෙනවා. තෙල් සංස්ථාව හඳුන්වා දෙන සූත්‍රය ක්‍රියාත්මක කරන අතරේ එම කරුණු සාකච්ඡා කිරීම සඳහා 18 වැනිදා උදෑසන සාකච්ඡාවක් දාගෙන තියෙනවා.”

Trending

Exit mobile version