අම්පාර – ඇතාගල රක්ෂිතයෙන් සහ කුරුණෑගල – ගල්ගිරිය රක්ෂිතයෙන් නව හූනන් විශේෂ දෙකක් සොයාගෙන තිබේ.
ඇතාගල රක්ෂිතයෙන් හමු වූ විශේෂය ජයවීර නමින් සහ ගල්ගිරිය රක්ෂිතයෙන් හමු වූ හූනු විශේෂය නානායක්කාර නමින් නම් කර ඇති බව සඳහන් වේ.
අදාළ හූනු විශේෂය සොයා ගනු ලැබුවේ පරිසරවේදීන් වන ශාන්තසිරි ජයවීර සහ ආනන්ද ලාල් නානායක්කාර විසිනි.
මෙම හූනන් දැඩි තර්ජනයට ලක්ව ඇති අතර, ඔවුන්ගේ ගහණය ද අඩු වශයෙන් දක්නට ලැබෙන බවයි වාර්තා වේ.
(අරුණ)