පුවත්

නාගරික සංවර්ධන අධිකාරිය, සීතා රංජනී ගේ නිවස සීල් තියලා!

Published

on

පසුගියදා දිවියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී මහත්මිය පදිංචිව සිටි නිවස අද (20) දිනයේ නාගරික සංවර්ධන අධිකාරිය වීසින් සීල් තබා තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මාදිවෙල පිහිටි මෙම නිවසට එම අධිකාරිය විසින් මෙලෙස සීල් තබා ඇත.

නිවසේ අයිතිය හා කුලී මුදල් නොගෙවීම මත නාගරික සංවර්ධන අධිකාරිය මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් එක් කර ඇති සමාජ මාධ්‍ය වල සටහනක දැක්වෙන්නේ මෙම නිවසේ තිබෙන සීතා රංජනීට අයත් පොත්පත් ලබාදෙන ලෙසට අදාළ පාර්ශවයන් ඉල්ලූ විටදී ඒ සඳහා ඇගේ මරණ සහතිකය සහ දිවුරුම් ප්‍රකාශ රැගෙන එන ලෙස ඔවුන්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

මෙම නිවසේ මුල්/ පරම අයිතිකරු වූයේ කීර්තිමත් මාධ්‍යවේදී දිවංගත රිචඩ් ද සොයිසාගේ මවවන වෛද්‍ය මනෝරානි සරවනමුත්තු මහත්මිය වන අතර, වෛද්‍ය මනෝරානිට රජයට හිමි මෙම නිවස එවකට පවරා තිබුණේ රජය වෙනුවෙන් ඇමති මංගල සමරවීර මහතා විසිනි. 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී චරිතයක්, කාන්තා ක්‍රියාකාරිනියක සහ ග්‍රන්ථ කර්තෘවරියක වූ සීතා රංජනී මහත්මිය අභාවප්‍රාප්ත වූයේ පෙබරවාරි 16 වැනිදා අතර, ඇගේ අවසන් කටයුතු පෙරේදා දින (18) සිදුකෙරුණි.

Trending

Exit mobile version