පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඉදිරි දෙසතිය තුළ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ සැලසුමක් ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත රාජපක්ෂට ඊයේ (27) දහවල් ඇප ලබාදීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
2029 වසර වන විට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයා වෙනු ඇතැයි පවතින බිය නිසා මෙලෙස රාජපක්ෂලා දඩයම් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව හෙතෙම මෙහිදී අවධාරණය කළේය.
මෙසේ රාජපක්ෂලා දඩයම් කිරීම පිටුපස නැවත ඔවුන් බලයට එනු ඇතැයි ආණ්ඩුවට සාධාරණ බියක් ඇති බව පැහැදිලිවම පෙනෙන කරුණක් බවද නිතිඥ මනෝජ් ගමගේ මහතා මෙහිදී කියා සිටියේය.
මූලාශ්‍රය – අරුණ