බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවසකට පස් බැම්මක් කඩා වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්වය සමඟ අද (26) උදෑසන මෙම සිදුවීම හට ගෙන තිබුණි.
පස් බැම්ම කඩා වැටෙන අවස්ථාවේදී මිය ගිය කාන්තාව ගෙතුළ රැඳී සිට ඇති අතර එම අවස්ථාවේදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මෙසේ මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි කාන්තාවකි.
ජීවිතක්ෂයට පත්වූ කාන්තාවගේ මෘත දේහය මේ වන විට බණ්ඩාරවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.