Connect with us

පුවත්

නීතිපති ධුරය ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට දෙන ව්‍යවස්ථා විධානයක් නැහැ – සමන් ඒකනායක

Published

on

නීතිපති ධුරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ වඩාත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පත් කිරීමේ ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවක් නැති බවත් මින් පෙර එවැන්නක් සිදු වී නැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේන මහතා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම ලිපිය යවා තිබේ. 

නීතිපති ධුරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. 

නීතිපතිවරයා රජයේ ප්‍රධාන උපදේශකවරයා වන අතර විධායක බලයක් නොදරන බවත් ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට නීති උපදෙස් ලබා දීම සඳහා ඔහුට ආත්ම විශ්වාසය සහ හැකියාව තිබිය යුතු බවත් සඳහන් කරන ජනාධිපති ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව නීතිපතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු බවත් සඳහන් කරයි.

සරත් එන්. සිල්වා මහතා විනිසුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදී සහ මොහාන් පීරිස් මහතා පෞද්ගලික නීතිඥවරයකු ලෙස සේවය කරමින් සිටියදී නීතිපති ධුරය සඳහා පත් කළ බව ද ඒකනායක මහතා පෙන්වා දෙයි.

එසේම 2016 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නීතිඥවරුන් වන සුහද ගම්ලත්, කපිල වෛද්‍යරත්න සහ ජයන්ත ජයසූරිය මහත්වරුන්ගේ නම් නීතිපති ධුරය සඳහා නම් කළ අතර ඉන් ජයන්ත ජයසූරිය මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් පිළිගත් බවත් ඒකනායක මහතා සඳහන් කරයි. 

සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ නීතිපති ධුරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ වඩාත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස බව සඳහන් කරමින් ගල්හේන මහතා ජනාධිපතිවරයාට එවා තිබූ ලිපියට ජනාධිපති ලේකම්වරයා මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ.

(දිනමිණ)

පුවත්

විපක්ෂයේ මන්ත්‍රීවරු සභාගර්භයෙන් එළියට බහිද්දී ජනපති පාර්ලිමේන්තුවට

Published

on

By

විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් රැසක් මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටතට ගොස් තිබේ.

කථානායකවරයාගේ පක්ෂක්ග්‍රාහී හැසිරීමට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරු සභාගර්භයෙන් පිටතට ගිය බව මාධ්‍ය විසින් කළ විමසීමකදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කර තිබේ,

කෙසේ වෙතත් ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු සාකච්ඡාවක් පවත්වා ඇති බව ද වාර්තා වේ.

එම සාකච්ඡාවට ව්‍යවසායක දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ, රාමනාදන් අර්ච්චුනා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්ව ඇත.

අද (17) දිනය තුළ සභාගර්භයට නැවත නොයෑමට මෙම පිරිස තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස සභාගර්භයෙන් පිටව යන අතර ජනාධිපති අනුර දිසානායක මහතා අද උදෑසන පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය.

Continue Reading

පුවත්

සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් යයි

Published

on

By

සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද (17) බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නේද විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න සිදුකළ විමසීමේදි,
එක් පාර්ශ්වයක් විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශ්වයක් රහස් ඡන්දයක් පවත්වන ලෙසත් වූ යෝජනා ස්ථීර කරන ලදි.

ඒ අනුව යෝජනා දෙකක් ඉදිරිපත්වී ඇති බැවින් සභාපතිවරයා පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක්ද වශයෙන් තීරණය කිරීමේ බලය කොමසාරිස්වරියට ඇති බැවින් මෙය රහස් ඡන්දයක් ලෙස පවත්වන බවට කොමසාරිස්වරිය පවසා තිබේ.

එම තීරණයට විරෝධය පළ කරමින් සභිකයින් 24 දෙනෙකු සභා ගර්භයෙන් පිටත්ව යාම හේතුවෙන් සභාවේ ඝන පූර්ණය නොමැති වීම මත සභාව විනාඩි 30කට කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කර ඇත.

කෙසේ වෙතත් පසුව ඇති වූ තත්ත්වය මත සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කර තිබේ.

ඒ අනුව සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කර ගැනීම අද සිදුනොවුණු අතර එම කටයුත්ත දින නියමයක් නොමැතිව කල් තැබීමට ද සිදුවිය.

Continue Reading

පුවත්

කථානායක තීරණයට විරෝධය පා මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සභාවෙන් ඉවත් වෙති

Published

on

By

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.

ඒ ඉරාන – ඊශ්‍රායල් ගැටුම සාකච්ඡා කිරීමට කාලය වෙන් කිරීම කතානායකවරයා විසින් අද (17) ප්‍රතික්ෂේප කිරීමත් සමගය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved