Connect with us

පුවත්

නීති විරෝධි ක්‍රම නිසා මියගිය කැස්බෑවුන්

Published

on

මේ දිනවල  පවතින වාරකන් කාලය සමඟ  ඇතැම් පුද්ගලයින් දිවයින වටා මුහුදේ නීති විරෝධි ක්‍රම භාවිතා කරමින් මසුන් මැරීමේ කටයුතුවල නිරතව තිබේ.

මෙහිදී Bottom Trawling වැනි දෑ ක්‍රියාත්මක කිරීමෙන් මත්ස්‍යයින් පමණක් නොව සමුද්‍ර ක්ෂිරපායි සත්වයින්ද ජීවිතක්ෂයට පත්වන බවට සාධක හමුවී ඇත.

සතියක කාලයක් තුළදී  බස්නාහිර මුහුදු තීරයේ දී පමණක් මෙලෙස මියගිය කැස්බෑ සිරුරු 10කට අධික ප්‍රමාණයක් වනජීවී නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

මෙම සතුන්ගේ මරණ පරික්ෂණ සිදුකළ වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් ප්‍රකාශ කරන්නේ මියගිය කැස්බෑ සතුන් අතරින් බොහොමයක් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් මෙන්ම, අවල්පත් කැඩි ගියාවුත් සහ තුවාල ලැබීම හේතුවෙන් මරණයට පත්වී ඇතිබවයි. 

එමෙන්ම ඇතැම් කැස්බෑවුන්ගේ සිරුරු ගොඩබිමට ළඟා වනවිටත් නරක් වී කුණු වී ඇති බැවින් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරති.

මිනිසුන් විසින් නීති විරෝධි ක්‍රම භාවිතයෙන් මසුන් ඇල්ලීමට යාමෙන් කැස්බෑවුන්ට අමතරව ඩොල්ෆින් ආදි සමුද්‍ර ක්ෂිරපායි සතුන්ද තුවාල වීමට සහ මිය යාමට හේතු වී තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ  මෙලෙස මුහුදු ක්ෂීරපායින් ඇතුළු සත්වයින් මියයාම වලක්වා ගැනීම වෙනුවෙන් නීති විරෝධී මසුන් මැරීමේ ක්‍රම භාවිතා කරමින් මසුන් මැරීමේ නිරතවන පුද්ගලයින් පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ අදාළ ආයතන දැනුවත් කරන ලෙසය. 

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved