පුවත්

නුවරඑළියට සරසවියක්

Published

on

නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා තිබේ.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ මේ සම්බන්ධයෙන් ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා රජය සමග වැඩපිළිවෙළක් සංවිධාන කර තිබෙන බවත්, අදාල කටයුතු සොයා බැලීම වෙනුවෙන් තමා කොටගලට ප්‍රදේශයේ සංචරය කළ බවත්ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ උඩරට වතු ජනතාව ලංකාවට පැමිණ වසර දෙසීයක් ගත වෙන බවත් කිසිම ප්‍රජාවකට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කරන බවත්ය.

Trending

Exit mobile version