පුවත්

නූලන්ඩ් ගේ කතාවට චීනයෙන් ප්‍රතිචාර

Published

on

පසුගියදා මෙරට සංචාරයක නිරතවූ අමෙරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දැක්වූ අදහස් සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාර දක්වා තිබේ.

ඊයේ (02) බීජිං අගනුවර චීන විදේශ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත්තේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමිනි.

මේ සම්බන්ධයෙන් නිං මහත්මිය පවසා තිබුණේ ඇමෙරිකාව විසින් දක්වා ඇති මෙම අදහස මගින් සත්‍යය පිළිඹිබු නොකරන බවයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය වන බව තහවුරු කරමින් චීන එක්සිම් බැංකුව මේ වනවිටත් ශ්‍රී ලංකාවට ලිපියක් යොමු කර ඇති බවත්, ශ්‍රී ලංකාව එම ලිපියට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වා ස්තූති කර ඇති බවත් ඇය කියා සිටියි.

චීන – ශ්‍රී ලංකා සමීප සබඳතා සම්බන්ධතා වලට ඇඟිලි ගැසීමක් සිදුකිරීම වෙනුවට අමෙරිකාව විසින් මේ අවස්ථාවේ කළ යුතු වන්නේ, ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා උපකාර කිරීමට උනන්දු වීම බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.

සබැඳි පුවත් :
සියලු දෑස් චීනය වෙතට – නූලන්ඩ්

Trending

Exit mobile version