පුවත්

නොමිලේ මෙරටට වීසා දෙන නියමු ව්‍යාපෘතියේ කාලය දිගු කරයි

Published

on

විදෙස් රටවල් 07ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කිරීමේ නියමු වැඩසටහනේ කාල වකවානුව අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර ඇතැයි සංචාරක අමාත්‍ය – හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මේ සම්බන්ධ අවසාන තීරණය නියමු වැඩසටහනේ අවසන් සති කිහිපය තුළදී ගැනීමට නියමිත බවයි.

අංක 23/1885/602/023 දරන 2023.10.24 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතියට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන මෙම නියමු වැඩසටහන යටතේ, 2024 මාර්තු 31දා දක්වා චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරුණි.සබැඳි පුවත් :

Trending

Exit mobile version