පුවත්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වෙයි!

Published

on

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වෙයි!නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී ඇතැයි වාර්තා වේ.

ඒ දිවයින පුරාම සිදුවූ විදුලිය බිඳවැටීම නිසාය.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා කියා සිටින්නේ ජලවිදුලි නිෂ්පාදනයෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරණ බවයි.

මේ අතර, ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම යථා තත්ත්වයට පත්කර ඇති බවද වාර්තා වේ.

කොළඹ ජාතික රෝහල, අඹතලේ ජල පවිත්‍රාගාරය, සපුගස්කන්ද, බියගම සහ ආලියන් කන්ද ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇතැයි ද ඔහු කියා සිටී.

Trending

Exit mobile version