Connect with us

පුවත්

නොරෝච්චෝලේ අවිනිශ්චිත තත්ත්වයක : ඉදිරි වසරේ විදුලි අර්බුදයක අවධානමක්

Published

on

ගල් අඟුරු අවශ්‍යතාව අනුව එය සැපයීමට නොහැකි තත්ත්වයක් උදා වීම නිසා ඉදිරි වසරේ විදුලි නිෂ්පාදනය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව නොරෝච්චෝල ලක්විජය බලාගාර කළමනාකාර නාලක විජේකෝන් මහතා පවසයි.

ලංකාවේ ප්‍රධාන විදුලි ධාරිතාව රැගෙන යන ප්‍රධාන බලාගාරය නොරෝච්චෝල ලක්විජය බලාගාරය බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඔහු පැවසුවේ, ලක්විජය බලාගාරය ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 40%කට වැඩි නිෂ්පාදන දායකත්වයක් ලබා දෙන බවත්, වාර්ෂිකව මෙම බලාගාරයෙන් ගිගාවෝට් 5400ක් විදුලි අවශ්‍යතාව ලබා දීම සිදු වන බවත් ය.

එසේ විශාල ධාරිතාවයක් ලබා දීමට ගල් අඟුරු ටොන් මිලියන දෙකක් පමණ අවශ්‍ය වන අතර ගිගාවෝට් පැය 5400ක විදුලිය නිපදවන්න ගල් අඟුරු නැව් 38ක් වාර්ෂිකව අවශ්‍යය යැයිද ඔහු කීය.

ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේ ය.

එම නැව් ප්‍රමාණයෙන් අඩක් මේ වන විට පැමිණීම අනිවාර්යයි. එයට හේතුව වාරකන් කාලයට පෙර ගල් අඟුරු නැව් 38 ක ගල් අඟුරු තොග නොරෝච්චෝල ගල් අඟුරු බලාගාරය භුමියට ළඟා වී ගොඩ බෑම අවසන් කළ යුතුයි.

වාරකන් කාලය නැවත පටන් ගන්නේ 2023 අප්‍රේල් මාසයෙ. ඒ වන විට සියලු ගල් අඟුරු ගොඩ බා අවසන් විය යුතුයි. එසේ වන්න නම් මේ වන විට අඩුම තරමින් එයින් අඩක් බලාගාර භූමියට ගොඩබෑම සිදුවිය යුතුයි.

නමුත් මේ වන විට අපිට ලැබී ඇත්තේ ගල් අගුරු නැව් හතරක් පමණයි. තව එක නැවක් පැමිණීම සිදුවෙනවා. එය තාමත් ළඟා වී නැහැ. මේ තත්ත්වය අනුව එළඹෙන වසර තුළදී ලක්විජය බලාගාරය නිපදවන සමස්ත විදුලි ධාරිතාවය නිපදවීම දැඩි අවිනිෂ්චිත තත්ත්වයකට පත්වෙලා.

මොකද ඉතිරි ගල් අඟුරු නැව් ප්‍රමාණය පැමිණුනත් අපිට තිබෙන පහසුකම් අනුව ඉතිරි නැව් 34ක ගල් අඟුරු ගොඩ බෑමට හැකියාවක් නැහැ. අපිට තිබෙන පහසුකම් අනුව මසකට ගල් අඟුරු නැව් හයක් පමණ තමා ගොඩ බෑමේ හැකියාව තිබෙන්නේ. ඒ නිසා එළඹෙන වසර තුළදි අපේ බලාගාරයෙන් ගිගාවෝට් 5400 ලබාදෙන්න තිබෙන හැකියාව අහිමි වෙනවා. මේ නිසා 2023 වසරේ දී රට තුළ දැවැන්ත විදුලි අර්බුදයක් ඇති වීමේ බරපතළ අවධානමක් මේ වන විට නිර්මාණ වී අවසන්ව තිබෙනවා යැයි නාලක විජේකොන් වැඩිදුරටත් කියා සිටියේය.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved