පුවත්

පක්ෂ 11ක්, ස්වාධීන කණ්ඩායම් 11ක් ඡනදයට ඇප තියයි

Published

on

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ 11 ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් ඊයේ (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඊයේ (13) පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ එම පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ජාතික ජන බලවේගය නුවරඑළිය, මහනුවර, පොළොන්නරුව, අම්පාර, වව්නියාව, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කිරිම ඊයේ දිනය තුළ සිදුකර ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණ ද ඊයේ දිනයේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ගම්පහ, හම්බන්තොට, බදුල්ල, අම්පාර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම සමගි ජන බලවේගය ද මාතර, හම්බන්තොට, බදුල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කිරිම ඊයේ සිදුකර තිබේ.

සමාජවාදී සමානතා පක්ෂය, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය, ජනතා සේවක පක්ෂය, සිංහලදීප ජාතික පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනන්වාදී පන්ෂය සහ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී යන පක්ෂය ද ඊයේ දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මීට අමතරව ඊයේ දිනයේ ස්වාධීන කණ්ඩායම් 11ක් ද මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.

Trending

Exit mobile version