ත්‍රිකුණාමල, සිංහපුර පත්තිනි අම්මාන් කෝවිලේ දොර කඩා ඊට ඇතුළු වූ අයකු එහි තිබූ කිලෝ හයක් බරැති පංච ලෝහමය පත්තිනි අම්මාන් ප්‍රතිමාව පැහැරගෙන ගොස් ඇතැයි ත්‍රිකුණාමලය පොලිසිය පවසයි.
පෙරේදා (02) දින රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති අතර සොරා ගන්නා ලද පිළිමයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වන බවද ගණන් බලා තිබේ.
මෙම කෝවිල ත්‍රිකුණාමලය සිංහපුර ගනේෂ් ලේන් ප්‍රදේශයේ පවත්වාගෙන යන්නක් වන අතර පෙරේදා කෝවිල වසාදමා ගිය අවස්ථාවේ කිසිවකු විසින් කෝවිලේ කුටියේ අගුළු කඩා ඊට ඇතුළු වී මෙම පිළිමය සොරාගෙන ගොස් ඇතැයි කියති.
මෙතෙක් සැකකරුවකු හඳුනාගෙන නොමැති අතර, ත්‍රිකුණාමලය පොලිසිය ඒ පිළිබඳ විමර්ශන සිදුකරයි.