Connect with us

පුවත්

පනත්කෙටුම්පත් 2කට කථානායක සහතිකය

Published

on

පසුගියදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් ද්විත්වයක් සඳහා අද (31) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.

සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත සදහා මෙසේ කථානායකවරයාගේ සහතිකය හිමිවිය.

ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 5 දරන සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ  2024 අංක 6 දරන නොතාරිස් (සංශෝධන) පනත ලෙස බලාත්මකවේ.

පුවත්

විද්‍යාපීඨ කථිකාචාර්යවරු විරෝධතා ව්‍යාපාරයක

Published

on

By

සිය ඉල්ලීම්වලට මෙතෙක් විසඳුම් ලබා නොදීම නිසා ලබන 26 සහ 27 යන දිනවල අසනීප නිවාඩු මත සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරු තීරණය කර සිටිති.

තම සංගමයට අමතරව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වන බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ ලේකම් එස්. එම්.පී. බණ්ඩාර මහතා පැවැසීය.

අධ්‍යාපනඥ සේවයට බලපා ඇති වැටුප් විෂමතාව ඉවත් කිරීමට පියවර නොගැනීම, නිර්බාධ උසස් වීම් ක්‍රියාවලියට අධ්‍යාපනඥ සේවය ඇතුළත් කිරීමට පියවර නොගැනීම, වැටුප් විෂමතාව විසඳන තෙක් අන්තර්කාලීන දීමනාවක් ලබා නොදීම හා යෝජිත ජාතික ගුරු විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සකස් කර තිබෙන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වී තිබේ.

මෙම ක්‍රියාමාර්ගයෙන් පසුවත් නිසි ප්‍රතිචාරයක් නොලදහොත් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ද ඉන්පසුවත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ද ලේකම්වරයා කීවේය.

Continue Reading

පුවත්

අදත් වැස්ස

Published

on

By

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading

පුවත්

සූර්ය බලශත්තියට කරන ගෙවීම් ගැන නිවේදනයක්

Published

on

By

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා සදහන් කළේ, ඒකකයක් සඳහා රුපියල් 45 යි සත 80 ක මුදලක් ගෙවීමට තීරණය කර ඇති බවයි.

බැටරිය සහිත නව සබඳතා සදහා පමණක් එම ගාස්තු වැඩිකිරීම සිදුකෙරෙන බව ඔහු සදහන් කළේ ය.

වහළ මත සවි කර ඇති සුර්ය කෝෂ සදහා ඒකකයක් වෙනුවෙන් මීට පෙර කළ ගෙවීම රුපියල් 27 කි.

නව තීරණය කඩිනමින් ක්‍රියාවට නැංවීමට නියමිත බවද ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේය.

(News1st)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved