පසුගියදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් ද්විත්වයක් සඳහා අද (31) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.
සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත සදහා මෙසේ කථානායකවරයාගේ සහතිකය හිමිවිය.
ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 5 දරන සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ 2024 අංක 6 දරන නොතාරිස් (සංශෝධන) පනත ලෙස බලාත්මකවේ.