පුවත්

පරාටේ නීතිය අද සිට ක්‍රියාත්මකයි

Published

on

රුපියල් මිලියන 50 ඉක්මවූ ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබූ සහන කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, මෙම වසරේ මාර්තු 31 වැනිදාට පෙර බැංකු සමග සාකච්ඡා ආරම්භ කළ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් අදාළ සහනය හිමිවන බවයි.

මේ අතර, රුපියල් මිලියන 25 – 50ත් අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදුන් සහන කාලය, ලබන සැප්තැම්බර් 30 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර තිබේ.

සබැඳි පුවත්

Trending

Exit mobile version