පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට මේ වසරේ ගතවු කාලසීමාව තුළ පැමිණිලි 1,187ක් ලැබී ඇති බවත්, ඊට අදාළව සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 75 දෙනෙකු මේ වසර තුළදී අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.
එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී. ජයනෙත්සිරි මහතා මේ බව පවසා සිටියේ අද (16) පැවැති මාධ්‍ය හමුවකදීය.
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වෙළෙඳ දැන්වීම්වලින් ජනතාව රවටා මූල්‍ය වංචා කිරීමේ සිද්ධි 108ක් පිළිබඳවද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට 2023 දී වාර්තා වී ඇත.
සයිබර් අපරාධ සම්බන්ධයෙන් ගතවු වසර දෙකහමාරක කාලය තුළ පැමිණිලි 9,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.