Connect with us

පුවත්

පරිපාලන  සංගමය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හරී

Published

on

අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ, ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දීමනා වැඩිවීමක් ලබා දීමට එකඟතාව පළවූ බවය.

වැටුප් වැඩිවීම  ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයක නිතර වීමට තීරණය කර තිබිණි.

අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ (24) පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණීමට හැකි වූ බැවින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලීකව නතර කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා පැවසීය.

අ‍ග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවට විධායක නිලධාරීන්ගේ සංගමයේ නියෝජතයින්ද සහභාගී වී සිටි අතර එහෙත් සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණු බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.ඒ.එල් උදයසිරි මහතා සඳහන් කරයි.

ඒ අනුව විධායක නිලධාරීන් අද (25) සහ හෙට (26) අසනීප නිවාඩු වාර්තා කර  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව එච්.ඒ.එල් උදයසිරි මහතා සඳහන් කලේය.

මේ අතර අධ්‍යාපන අනධ්‍යන සේවකයින් ඊයේ (24) ආරම්භ කළ වැඩවර්නය අද දිනයේත් ක්‍රියාත්මක කර තිබේ.

සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් යහපත් ප්‍රතිචාර ලබාදී නොමැති බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත්.කේ.තිලකරත්න මහතා සඳහන් කලේය.

ගුරු- විදුහල්පති වෘත්තීය සමිති ද හෙට දිනයේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පවසයි.

මේ අතර විශ්වවිද්‍යාල සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කර සිටී.

එහි සමසභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් අද දිනයේ දී වැටුප් කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් ද පැවැත්වෙන බවය.

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved