පලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහා ස්ථානගතවීමට හැකි යතුරුපැදි බලඝනයක් රාජකාරියේ යෙදවීමට පොලීසිය පියවර ගෙන තිබේ.
පලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහා ස්ථානගතවීමට හැකි පරිදි මෙන්ම සාමය කඩවන ආකාරයේ සිදුවන යම් අපරාධයක් වැළැක්විය හැකි ක්ෂණික ළඟාවීමකට මේ බලඝනයට හැකිය.
මේ අතර අවි බලයක් සහිත පොලිස් කණ්ඩායම් ක්ෂේත්‍රයට මුදාහැරීම දකුණු පළාතට කාලෝචිත අවශ්‍යතාවයක් බව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මූලිකත්වයෙන් විශේෂිත සංවිධානත්මක යතුරුපැදි බලඝනයක් රාජකාරි යෙදවීමට පියවර ගෙන ඇත.
තංගල්ල පොලිස් කොට්ඨාසයෙන් සහ මාතර පොලිස් කොට්ඨාසයෙන් එක්කල සංග්‍රාමික යතුරුපැදි 8 ක්, Highway යතුරුපැදි 15ක් මේ සඳහා ඇතුළත් වන අතර නිලධාරීන් 46ක පමණ ප්‍රමාණයක් අනුයුක්ත කර තිබේ.
මෙම පිරිස දැනුවත් කිරීමේ හමුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි