Connect with us

පුවත්

පසුගිය දින 13ට සංචාරකයින් 55,000ක්

Published

on


2024 වසර ආරම්භයේ සිට මේ දක්වා මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,540,161ක් ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

මේ වසරේ ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ දී විදෙස් සංචාරකයින් 55,353ක් මෙරටට පැමිණ ඇති බව එම වාර්තාවේ සඳහන්ය.

ඒ අතරින් සංචාරකයින් 29.2%ක ප්‍රතිශතයක් එනම් 16,163ක්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව එහි වැඩිදුරටත් දැක්වෙනවා. මීට අමතරව චීනයෙන් සංචාරකයින් 3,963ක්, එක්සත් රාජධාන්යෙන් 3,926ක් සහ ජර්මනියෙන් 3,469ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.

පුවත්

මහනුවරට මහ වැසි

Published

on

By

මහනුවර ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත් පවතින වර්ෂාපතනය නොතකා විශාල පිරිසක් දළඳා වන්දනාව වෙනුවෙන් පෝලිම් වල රැඳී සිටින බව සඳහන් වේ.

අද සිරි දළඳා දැක්මේ 08වැනි දිනයයි.

Continue Reading

පුවත්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

Published

on

By

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු හා උතුරුමැද පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉහත ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙස ද  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Published

on

By

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා ලබන 30 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) අවසර ලබා දෙන ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved