පුවත්

පළාත් කිහිපයකට වැසි…

Published

on

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතෙත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, පැයට කිලෝමීටර 40 – 50 ත් දක්වා තද සුළං ඇති විය හැක.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකියි.

ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී සිටී.

Trending

Exit mobile version